හඬන දරුවන් සනසා පංචායුධ 08කට විද්ද කත අල්ලයි

හඬන දරුවන් සනසා පංචායුධ 08කට විද්ද කත අල්ලයි

පෙර පාසල් වෙත ගොස් හඩන දරුවන් සනසා එම දරුවන්ගේ පංචායුධ සොරා ගැනීමේ නිරතව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, ආණමඩුව ආලංකුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් කාන්තාව ආලංකුලම, වත්තේගෙදර ඇතුළු ප්‍රදේශ වල පෙර පාසල්වලට ගොස් එහි හඩමින් සිටින දරුවන් සනසන මුවාවෙන් මෙම පංචායූධ සොරා ගැනීම කලක සිට සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.

පොලිස් පරික්ෂණ අනුව මේ වන විට දරුවන් අට දෙනෙකුගේ ගෙල බැදි රන් පංචායුධ මෙම කාන්තාව අවස්ථා කිපයකදී කිසිවකුට නොදැනෙන අයුරින් සොරා ගැනිම සිදුකර ඇති බවත් තවත් එසේ පංචායුධ සොරකම් කර ඇත්දැයි යන්න පරික්ෂණ අරඹා ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

එලෙස පංචායූධ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පෙර පාසල් පාලිකාවන් හා දරුවන්ගේ මව්වරුන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් පසුව අදාල කාන්තාව පාපොච්චාරණය කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (07) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.