දවසේ ලග්න පලාපල- 2023 ඔක්තෝබර් මස 17 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල- 2023 ඔක්තෝබර් මස 17 වන අඟහරුවාදා

රාහු කාලය
2:56 pm – 4:26 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකී බවක් ඇතිවන අතර තරමක් අතපසුවීම් ඇතිවෙයි. ප්‍රීති සාද වැනි දේවලට හේතුයි. වැයපස ද ඉහළ යයි. හදිසි ධනලාභ දෙයි. සෙම්කෝප රෝග මතුකරයි.

Date: 2023-10-17

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම නිසා තරමක් පීඩා ගෙනදෙයි. රැකියා ස්ථානවල තරමක් ප්‍රසාදයට පත්වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. උදරාබාධ, මේහ රෝග මතුවේ.

Date: 2023-10-17

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

අවිවේකීබව ගෙනදෙයි. අතපසුවීම් නිසා තරමක් විවේචනයට ලක්වෙයි. පොදු සේවා, සමාජ සත්ක්‍රියා ආදියෙහි යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. සිරසගත රෝග, ඌෂ්ණ රෝග මතුවේ.

Date: 2023-10-17

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ගමන් බිමන්වල යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. තම අරමුණු ජයගනී. අලුත් වැඩකටයුතු ඇරඹීමට පෙලඹෙන දිනකි. හදිසි ධනලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-10-17

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

තම නිවසේ අලංකාරකරණය පිණිස ක්‍රියා කරයි. අවිවේකීබව මතුකරයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වීමේ ක්‍රියාවන් යෙදේ. මුත්‍රා ආසාදන රෝග ද මතුකරයි. නීතිමය ගැටලුවක් ශුභවාදීව විසඳේ.

Date: 2023-10-17

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

කන්‍යා

දුර ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වන්දනා ගමන්, විනෝද ගමන් සඳහා තම වැයපස ඉහළ යන දිනකි. ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි.

Date: 2023-10-16

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

සාමාන්‍යයෙන් ගමන් බිමන් ද යෙදෙන අතර තම නිවසෙහි සුළුවෙන් හෝ උත්සව ස්වභාවයකට හේතුයි. වැයපස ඉහළ යයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. වාත රෝග ඉදිමුම් රෝග මතුවේ. හදිසි ධනලාභ ද ලබයි.

Date: 2023-10-17

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවල සුළුවෙන් හෝ යෙදේ. අතපසුව තිබූ වැඩකටයුතු ද ඉදිරියට කරගෙන යයි. අතමිට තරමක් හිඟවන ලකුණු පෙනේ. සිරසගත රෝග මතුකරයි. දහමට ළැදිව සෘජුව ක්‍රියා කරයි.

Date: 2023-10-17

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

සුළුවෙන් උවත් ගමන් බිමන් මත කාලය හා ධනය අනවශ්‍ය ලෙස වැයවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතුවල යෙදෙන දිනකි. සෙම්කෝප රෝග, ඌෂ්ණ රෝග මතුකරයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි.

Date: 2023-10-17

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභවාදී ඵල මතුකරයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේවල්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ස්නායුගත රෝග, වාත රෝග මතුකරයි. විනෝදගමන් ද යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි.

Date: 2023-10-17

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව කටයුතු කරයි. අමතර ලාභ ලැබීම් වෙයි. සෙම් ආශ්‍රිත රෝග, පෙනහලු රෝග මතුකරයි. දහමට ළැදිව ක්‍රියාකරයි.

Date: 2023-10-17

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. සුළු සුළු ගමන්වල යෙදේ. අසල්වැසියන් සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි. ප්‍රීති උත්සව ද යෙදේ.

Date: 2023-10-17

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්

 

Share This