ධනුෂ්කගේ නඩු ගාස්තු සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

ධනුෂ්කගේ නඩු ගාස්තු සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාධාරන අයුරින් කටයුතු කර ඇතැයි සිඩ්නි අධිකරණය අද (24) තීන්දු කර තිබේ.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී විනිසුරු සාරා හගේට් ප්‍රකාශ කර ඇත්තේ, රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු ඇති බවයි.

ඒ අනුව, ධනුෂ්කගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසයි, විනිසුරුවරිය නියෝග කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබා සිටි ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියා අධිකරණයක් තීන්දු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 28වැනිදායි.

පසුගිය වසරේ නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ටින්ඩර් දුරකථන ඇප් එකක් හරහා හඳුනාගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ඇයගේ නිවසේ දී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ගුණතිලකට පවරා තිබූ නඩුවෙන් පසුගිය සැප්තැම්බර් මස 28වැනිදා ඔහු නිදොස්කොට නිදහස් කිරීමටයි සිඩ්නි අධිකරණය නියෝග කළේ.