මැණික් ගල් තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

මැණික් ගල් තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවකු ඔප දමන හා ඔබ නොදමන මැණීක් ගල් තොගයක් සමග අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල පදිංචි 29 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු 29 දින සවස මුන්දලම කිරීයන්කල්ලිය ප්‍රදේශයෙ සැකකටයුතු අයුරින් මෝටර් රථයකින් සැරි සරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් මැණීක් ගල් තොගයෙ ග්‍රෑම්ස් 980 ක් බරින් යුත් ඔප දමන හා නොදමන මැණීක් ගල් තිබු බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි අලේවි කිරීම සදහා මෙම මැණික් ගල් තොගය රැගෙන ආ බව පවසා තිබේ.

නමුත් අදාල සැකකරු රැගෙන ආ මැණීක් බවට පවසන පාෂාණ සැබවින්ම මැණීක්ද නොමැති නම් කිසිවකු රවටා මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සිදු කිරිමට රැගෙන ආවද යන්න පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

Gem6

Gem1

Gem2

Gem3

Gem5

Gem10

Gem13

 

Share This