ජනපති තරඟයට මම සුදානම්

ජනපති තරඟයට මම සුදානම්

ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

හෝමාගම ඊයේ (27) පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

Share This