බාල එන්නත් කුප්පි මිලදී ගැනීම පත්තු වෙයි! CIDය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ ඇතුලු 4ක් අත්අඩංගුවට ගනී!

බාල එන්නත් කුප්පි මිලදී ගැනීම පත්තු වෙයි! CIDය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ ඇතුලු 4ක් අත්අඩංගුවට ගනී!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (01) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල විශේෂ කණ්ඩායමක් සමග අමාත්‍යාංශය වෙත ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇත.

විධායක අධ්‍යක්ෂවරයාගෙන් පමණක් අවස්ථා කිහිපයකදීම සිද්ධියට අදාලව වරින්වර ප්‍රකාශ සටහන් කරගත් බවද එම ආරංචි මාර්ග පවසයි.

Share This