මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

සුළි කුණාටුවක් සමග නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) රාත්‍රියේ ජලයෙන් යට වී ගියේය.

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී තිබූ අතර ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මර්ණය විය.

ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘ෆලයි ඩුබායි’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර තිබේ.

ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසරකරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බව ද පැවැසෙයි.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වුන මෙම දැවැන්ත ගංවතුර නිසා ඉරිදා සහ සඳුදා ඕමානයේ 18 දෙනෙකු මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කරයි.

 

Share This