බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා ඔපෙක් සාමාජිකයින් විසින් ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයීම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩිවිය.

නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් බොර තෙල් මිල අඩුවී ඇති බව සඳහන්ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී තිබුණි.