කටුනායකට ආ ගුවන් යානා 3ක් හදිසියේ මත්තලට හරවා යවයි

කටුනායකට ආ ගුවන් යානා 3ක් හදිසියේ මත්තලට හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ අවට ඊයේ(04) රාත්‍රි හා අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම් හේතුවෙන් මෙම ගුවන් යානා මත්තලට හරවා යැවුණු බවයි , කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා සඳහන් කළේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ඉන් එක් යානයක සිටි මගීන් සංඛ්‍යාව 297 කි.

එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

මාලදිවයින මාලේ සිට තවත් ගුවන් යානයක් ද මත්තලට හරවා යැවුණු ගුවන් යානා තුන අතර වෙයි.

අද උදෑසන මත්තලට හරවා යැවුණු අනෙක් ගුවන් යානය කටුනායකට පැමිණ ඇත්තේ දමාම් සිට ය.

 

Share This