ඉන්දීය නාවික හමුදාවට අයත් “වාගීර්” සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් “වාගීර්” සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් “අයි.එන්.එස්. වාගීර්” සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන්විය.

කොළඹ වරායට පැමිණි මෙම සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය.

එම සබ්මැරීනය, දිගින් මීටර 67.5 ක් සහ නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් කටයුතු කරයි.

මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිතයි.

ලබන 22 වනදා දක්වා සබ්මැරීනය කොළඹ වරායේ නවතා තැබෙන අතර, එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගීවීමට ද නියමිතය.

මේ අතර, මෙම සබ්මැරීනය පාසල් ළමුන් සහ නරඹන්නන් සඳහා ප්‍රදර්ශනයට විවෘත කිරීමට ද සැලසුම්කර ඇති බව සඳහන්.

 

 

Share This