ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික T20 තරඟාවලි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික T20 තරඟාවලි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවති T20 තරගාවලිය තරග 2 ට 1ක් ලෙස ඓතිහාසික තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ දෙරට අතර පැවති තෙවන හා අවසන් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4 කින් ජය ගැනීමත් සමඟයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 73 ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53 ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩයම තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.

 

Share This