ගුවන් තැපැලෙන් කොකේන් ගෙන්වූ නයිජීරියානුවෙක් ඇතුළු තුනක් මාට්ටු

ගුවන් තැපැලෙන් කොකේන් ගෙන්වූ නයිජීරියානුවෙක් ඇතුළු තුනක් මාට්ටු

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා පොල්ගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පාර්සලයේ තිබී කොකේන් ග්‍රෑම් 210ක් හමුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත මෙම ජාවාරමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු නාරාහේන්පිට හා ජාවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 38 හැවිරිදිවියේ පසුවන නයිජීරියන් ජාතිකයෙකු වන අතර, අනෙක් සැකකරු වයස අවුරුදු 30ක්වන මාලඹේ ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

Share This