ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අයි.සී.සී ය ගත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අයි.සී.සී ය ගත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි.සී.සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවයි, Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

Share This