කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට අලි කරදරයක්

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට අලි කරදරයක්

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට කඩා වැදුණු ඇතකුගෙන් බේරීමට දිව ගිය රෝහල් උපස්ථාවකවරයෙකු රෝහල් කෝරිඩෝවේ වැටුණු අවස්ථාවේ ඇතා වැටි සිටි උපස්ථායකයා ඇදගෙන යාමට කළ උත්සහාය හෙදියක නිසා වැළකී ඇතැයි සැලිය වැව පොලිසිය කියයි.

රෝහල් උපස්ථාදායකවරයා කොරිඩෝවේ ඇද වැටීම නිසා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ සාලිය වැව පදිංචි අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ සේවය කරනු ලබන ඩබ්ලියු .චමින්ද කිත්සිරි නැවති දෙදරු පියකු බව කියයි.

ඇතෙක් කඩා වැදුණු බව නොදැන උපස්ථායකවරයා අද දින අලුයම රෝහල් භූමියේ ගමන් කරමින් සිටියදී එකවර කඩා වැදි මෙම උපස්ථායකවරයා පසු පස පන්නා ඇති බව කියයි.

එහිදි දිවි බේරා ගැනිම සදහා මෙම උපස්ථායකයා අසල තිබු රෝහල් වාට්ටු සංකිර්ණයක් අසලට දිව ගොස් කොරිඩෝවට ඇතුල් වනවාත් සමග ඇද වැටි ඇති බව කියයි.

ඒ සමගම පසුපසින් දිව ආ ඇතා බිම වැටි සිටි රෝහල් උපස්ථායකවරයා සොඩින් ඇද ගැනිමට සුදානම් වනවාත් සමග එය දුටු එම වාට්ටුවේ හෙදියක් මහා හඩින් විලාප තබා ඇති අතර එයින් කලබලයට පත්වු ඇතා ආපසු හැරි ගොස් තිබු බව කියයි.

කෙසේ වෙතත් ඇතාගෙ ග්‍රහණයෙන් බේරි ගිය රෝහල් උපස්ථායකවරයා කොරිඩෝවේ ඇද වැටිමත් සමග අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.

නමුත් ඇතා රෝහල් භුමියෙ රැදි සිටිමින් අඹ ගස් සොලවමින් රැදි සිටිම නිසා අස්ථි බිදිමකට ලක්වු උපස්ථායකවරයා පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට පවා ප්‍රමාද වී ඇති බව රෝහල් සේවකයින් කියයි.

අලුත්ගම රෝහලේ කාර්ය මණ්ඩල සේවකයන් රාත්‍රි කාලයෙ රාජකාරී සිදුකිරීමට මහත් බියක් දක්වන බව ද කියයි.

Share This