web hit counter
ආසියානු පැරා තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට

ආසියානු පැරා තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට

චීනයේ හැංජො හි පැවති 04 වන ආසියානු “පැරා” ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් මෙම තරගාවලියේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට පියවර ගෙන තිබුණි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ රාත්‍රී 08.40 ට චීනයේ චෙන්ඩු නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන්, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )