web hit counter
2024, 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2024, 19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

එළඹෙන 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි, ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියව වාර්තා කරන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )