ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 160 ක් බෙදා දෙයි

ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 160 ක් බෙදා දෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අගයමින් ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල සේවකයින්ට බෙදාදීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවකයන්ට ඊයේ (06) මුදල් පිරිනැමූ බවත් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සේවකයන්ට හෙට (08) මුදල් ප්‍රදානය කරන බව ද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන් 138 ක් සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් 115 ක් ඇතුළු සමස්ත සේවකයන් 253 කට මෙම මුදල් ත්‍යාගය හිමිවන බවයි,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙම ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයට ආසියානු ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඩොලර් 25,000 බැගින් දායකත්වය සපයා තිබේ.

ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල ශ්‍රී ලංකා මුදලින් වටිනාකම රුපියල් ලක්ෂ 160 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Share This