web hit counter
දින 7ක් වයසැති නිවුන් දරුවන් 25000කට විකිණූ මවක් අත්අඩංගුවට

දින 7ක් වයසැති නිවුන් දරුවන් 25000කට විකිණූ මවක් අත්අඩංගුවට

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට විකිණූ පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය ප්‍රදේශයේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහකාර වෘතියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )