ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීමේ තීන්දුව ගැන සජිත් පාර්ලිමේන්තුවේදී විමසයි

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීමේ තීන්දුව ගැන සජිත් පාර්ලිමේන්තුවේදී විමසයි

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මඟින් දශක ගණනාවක් තිස්සේ විශාල මෙහෙවරක් රටට සිදු කොට ඇති බවත් අකාර්යක්ෂම හා අදූරදර්ශී මූල්‍ය පරිපාලනය හේතුකොටගෙන ඒවා වසා දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයින් විශාල පිරිසක් සේවය කරන බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම ආයතන වසා නොදමා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරී ක්‍රමවේදයකට හෝ යමින් මේවා ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

Share This