පාසල් සිසුවියක් සියදිවි නසා ගනයි – පෙම්වතා අතින් අපයෝජනයට ලක්වූ බව මිතුරියකට යැවූ කෙටි පණිවුඩයෙන් හෙළිවෙයි

පාසල් සිසුවියක් සියදිවි නසා ගනයි – පෙම්වතා අතින් අපයෝජනයට ලක්වූ බව මිතුරියකට යැවූ කෙටි පණිවුඩයෙන් හෙළිවෙයි

දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් ඛේදනීය පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක්.

ඇය මෙලොව ඉපදීමට පෙර ඇයගේ පියා මව අතහැර දමා ගොස් තිබෙනවා.

මීට වසරකට පෙර ඇයගේ මවද විදෙස්ගතවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ අනතුරුව ඇය සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණිය සෙවණේ සිට ඇති බවයි.

මීට සතියකට පමණ පෙර ඇයගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බදුල්ල සරුංගල් කන්ද වෙත රැගෙන ගොස් තිබෙනවා.

එදින ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

එහිදී මෙම අපරාධය සිදුවූ බව ඇය සිය මිතුරියකට යොමුකර තිබූ කෙටි පණිවුඩයකින් හෙළිවී තිබෙනවා.

පසුව නිවසට පැමිණි මෙම පාසල් දැරිය සිය මිත්තණිය ලබාගත් ඖෂධ පෙති පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගී වීමත් සමග බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තමන් පෙම්වතා අතින් දූෂණයට ලක්වූ බවත් ඒ හේතුවෙන් මෙම පෙති පානය කර බවත් ඇය මිතුරිය වෙත යැවූ කෙටි පණිවුඩයේ සටහන්ව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ පෙම්වතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This