ක්‍රිකට් නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

ක්‍රිකට් නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබුණි.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද (24) දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය.

ඉන් පසුව වැඩිදුර කරුණු සලකාබැලීම ලබන සඳුදා තෙක් කල් දැමුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Share This