රිය අනතුරින් තරුණියක් මරුට

රිය අනතුරින් තරුණියක් මරුට

ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා ගිය මව පියා සහ දියණියන් දෙදෙනා බව පොලීසිය කියයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ, සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස් .එච් .ලෝචනා කාව්‍යංජලි නමැති දහ නව හැවිරිදි තරුණියකි. ඇයගේ උපන් දිනය ද හෙටට (25) යෙදී ඇතැයි කියති.

Share This