ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා අද (05) සිට පත් කර තිබේ.

එමෙන්ම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා ට්විටර් පණිඩිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම පත් කිරීම අද සිට බලාත්මක වන බවයි, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.