ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කර්ය බලකාය නිලධාරීන් සමත්ව තිබේ.

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් තිරුක්කෝවිල් පොලිස් වසමේ විනයාගපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී, නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයකු, ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අවි නිශ්පාදනය කිරීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක නිශ්පාදනයට ගන්නා යකඩ බට 03 ක්, යකඩ කැපීම සඳහා භාවිතා කරන පවර් ෂෝ යන්ත්‍ර 01 ක් හා යකඩ පෑස්සීම සඳහා යොදා ගන්නා වෑල්ඩින් ප්ලාන්ට් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 34, 42, 54 පසුවන තිරුක්කෝවිල් හා කන්චිකුඩිච්චිආරු යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් වේ.