පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රැඳවියෙක් ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රැඳවියෙක් ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ යතුරුපැදි සොරකමක් සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට රැගෙන විත් තිබූ රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා වාරියපොළ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නොරොච්චෝල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

Share This