උසස් පෙළ කාලසටහන ගැන දැනුම් දීමක්

උසස් පෙළ කාලසටහන ගැන දැනුම් දීමක්

අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන හෙට (05) දිනයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් උසස් පෙළ කාලසටහන විභාග අපේක්ෂකයින්ට බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත, නමුත් මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ නව අයැදුම්කරුවන්ට හෙට (06) සිට දින 4ක කාලයක් තුළ අදාළ අයැදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

2023 වර්ෂය සඳහා නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සිසුන්ගේ ඉල්ලීම මත මෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනවාරි 4 වැනිදා සිට 30 වැනි දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ.