ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ගුවන් නියමුවෙක් මරුට

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ගුවන් නියමුවෙක් මරුට

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් නියමුවෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටී 27 ටුකානෝ වර්ගයේ ගුවන් යානා දෙකක් Apiay ගුවන් කඳවුර අසල උඩුගුවනේදී එකිනෙක ගැටී අනතුර සිදු වී ඇති බවයි.

මෙම ගුවන් නියමුවන් ජූලි 20 වන දින රියෝනෙග්‍රෝ නගරයේ පැවැත්වීමට නියමිත ගුවන් සංදර්ශනයක් සඳහා පුහුණුවීම් කරමින් සිටි බව වාර්තා වේ.