ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරන දිනය

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරන දිනය

ලබන අඟහරුවාදා (04) දිනයේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

අදාළ මිල සූත්‍රයට අනුව එම සංශෝධන කිරීම සිදු කරන බවයි, ඔහු පැවසුවේ.

ඒ අනුව, පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි.

ඒ අනුව එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසය.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වේ.

 

Share This