“මුතු රාජා” රැගත් ගුවන් යානය තායිලන්තයට

“මුතු රාජා” රැගත් ගුවන් යානය තායිලන්තයට

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය “මුතු රාජා” හෙවත් “සක්සුරින්” ඇතා රැගත් ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) දහවල් 12.33 ට තායිලන්තයේ “චියෑන් මායි” (Chiang Mai) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

ඒ, පැය පහක පමණ ගුවන් ගමනකින් පසුවයි.

මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ (Aviacon Zitotrans) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරණ ගුවන් යානය අද උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය.

Share This