දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන මුවාවෙන් ආණ්ඩුව දේශපාලනඥයන්ගේ ණය කපා හරින්න හදනවා

දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන මුවාවෙන් ආණ්ඩුව දේශපාලනඥයන්ගේ ණය කපා හරින්න හදනවා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් දේශපාලනඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය කප්පාදු කිරීමේ සූදානමක් පවතින බව නිදහස් මහජන කොංග්‍රසයේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඊයේ 16 මාද්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

සමහර ණයකාරයන් හිටපු ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් වන බවත් මීට පෙර අවස්ථාවලදී ණය කපා හරින ලද ඇතැම් පුද්ගලයන් අද දක්වාම වෙනත් විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තාම ව්‍යාපාර කටයුතු කරනවා.

හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ ඇතැම් දේශපාලඥයෙක් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ.

හැබැයි හෝටලය තියෙනවා. ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා.

වෙන ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සහා කරනවා. ඒක වැරදි ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් හැබැයි මේ මෙතෙක් කල් නොගෙවන බරපතළ ණය තොගයක් තියෙනවා මේවා සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වෙනවා.”

බැංකුවලට සැලකිය යුතු මුදලක් ගෙවිය යුතු කිසිදු ප්‍රභූවරයකුට ඒවා මග හැරීමට ඉඩ නොදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

Share This