ශ්‍රී.ල.නි.ප සංවිධායකගේ කැබ් එකේ ගැටී කහ ඉර උඩ පියපුතු දෙපලක් මරුට

ශ්‍රී.ල.නි.ප සංවිධායකගේ කැබ් එකේ ගැටී කහ ඉර උඩ පියපුතු දෙපලක් මරුට

මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා විසින් පදවන ලද ජීප් රථයක ගැටී මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක්  මරණයට පත්ව තිබේ.

අනතුර ඊයේ (16) රාත්‍රී 8.00 ට පමණ සිදුව තිබෙන අතර  මියගොස් ඇත්තේ  42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.

මියගිය සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව දැන ගන්නට ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්‍රිගෝ සහ විමන්ත රොද්‍රිගෝ නැමැති ඔහුගේ පුතාය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණි විජයබණ්ඩාර නැමැති අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතර ඔහු කරාටේ පන්තියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරුව සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

Share This