චමින්ද වාස් සජබෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට

චමින්ද වාස් සජබෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට

ශ්‍රී ලංකාවෙන් බිහි වූ හිටපු දක්ෂ වමත් වේග පන්දු යවන්නෙක් වන චමින්ද වාස් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වේ.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණ සදහා ඉදිරිපත් වන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ සඳහා එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ චමින්ද වාස් අතර මූලික වටයේ සාකච්ඡා අරඹා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

චමින්ද වාස් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයෙන් මහ මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නියමිත බව සදහන්.

Share This