අනුරාධපුර බන්ධනාගාරයේ ගුටිබැට හුවමාරුවකින් 3ක් රෝහලට

අනුරාධපුර බන්ධනාගාරයේ ගුටිබැට හුවමාරුවකින් 3ක් රෝහලට

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙකු බැලිම සදහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හා ජේලර්වරැන් දෙදෙනෙකු අතර ගුටි හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී තුවාල ලැබු ජේලර්වරයෙකු, රැදවියෙකු හා තවත් පුද්ගලයෙකු ඊයේ (04) රෝහල් ගත කළ බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයෙක්, බන්ධනාගාර රැදවියෙකු හා පානියන්කඩවල,සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.

බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර් නිලධාරීන් දෙදෙනකු සමග ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුවී ඇති බවත් පොලිසිය පැවසිය.

පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා රැදවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට බාරදි තිබේ.

සැකකරුවන් අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක,ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.