රාගමදී වෙඩි තැබීමක් – අයෙක් මරුට

රාගමදී වෙඩි තැබීමක් – අයෙක් මරුට

මහබාගේ පොලිස් වසමේ, රාගම ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

අද (21) උදෑසන 7.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 39ක් වන හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි.

ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Share This