වෛද්‍ය රුක්ෂන් බෙල්ලෙන විශ්‍රාම යෑමේ තීරණයක

වෛද්‍ය රුක්ෂන් බෙල්ලෙන විශ්‍රාම යෑමේ තීරණයක

ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා සිටියේ, “අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය අංශයේ ඉන්න උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා.

දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්නත් ලෑස්ති. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ.” යනුවෙනි.