Saola සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම්

Saola සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම්

Saola සුළි කුණාටුව දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට කඩා වැදී තිබෙනවා.

ඒ, ෂෙන්සෙන්, හොංකොං සහ මැකාවු අසල ප්‍රචණ්ඩ සුළං තත්ත්වයක් ඇතිකිරීමෙන් අනතුරුවයි.

පැයට කිලෝමීටර් 200 කට වඩා (පැයට සැතපුම් 125) වැඩි වේගයකින් සුළං හමන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බව සඳහන්.

එමෙන්ම හොංකොං සහ චීනයේ අසල්වැසි පළාත් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව 900,000ක් පමණ මිනිසුන් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Share This