අයිස්ලන්තයට හදිසි තත්වයක්

අයිස්ලන්තයට හදිසි තත්වයක්

අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනිකඳු විදාරණයකින් ලාවා පිටවීම හේතුවෙන් අයිස්ලන්ත පොලිසිය එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම ප්‍රදේශයේ සිදු වූ සිව්වන පිපිරීම වේ.

අයිස්ලන්තයේ Reykjavik අගනුවරට දකුණින් පිහිටි Reykjanes අර්ධද්වීපයේ පිපිරීමක් ආසන්න බව එරට බලධාරීන් සති ගණනාවක් පුරා අනතුරු අඟවා තිබුණි.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය ඊයේ (16) ස්ටෝරා ස්කොග්ෆෙල් සහ හගාෆෙල් අතර ගිනිකඳු පිපිරීමක් ආරම්භ වූ බව තහවුරු කර තිබේ.

ඒත් සමඟම බලධාරීන් අවට ප්‍රදේශවල සිටින ජනතාවට ඉවත් වන ලෙස ඉල්ලා ඇති අතර ගිනිකන්ද පිහිටි ස්ථානයට වයඹ දෙසින් කෙටි දුරක පිහිටා ඇති, සංචාරකයින් අතර ජනප්‍රිය Blue Lagoon ස්පා ද ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ වාර්තා වූ මෙම සිදුවීමෙන් මේ දක්වා ගුවන් ගමන් වලට බාධා සිදු වී නැත. මෙම තත්වය හට ගත් වහාම භූ භෞතික විද්‍යාඥයෙකු එම ස්ථානය හරහා හෙලිකොප්ටර් යානයකින් ගොස් ආපසු පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. ඔහු පැවසුවේ මෙම පිපිරීම මෑත කාලීනව සිදුව ඇති බලවත්ම පිපිරීම බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දැන් ඉතා සක්‍රීයව පවතින ගිනි කන්ද හගාෆේල් හි උතුරු පැත්තේ සිට උතුරු දෙසින් ස්ටෝරා ස්කොග්ෆේල් දක්වා විහිදෙන බවත් පිපුරුමේ හි පළල කිලෝමීටර් 3.5 ක් පමණ වන බවත් පවසා ඇත.

ලාවා ගලා යාමේ වේගය මත පදනම්ව, එය මාර්ගය හරහා ගලා යාමට වැඩි කාලක් ගත නොවනු ඇති බවත් සඳහන් වේ.

Share This