ඉල්ලා අස්වෙන ඕනෑම ලංවිම සේවකයෙකුගේ අස්වීම භාර ගන්න

ඉල්ලා අස්වෙන ඕනෑම ලංවිම සේවකයෙකුගේ අස්වීම භාර ගන්න

ඉල්ලා අස්වීමට සූදානම් ඕනෑම ලංවිම සේවකයෙකුගේ ඉල්ලා අස්වීම් භාර ගන්නා ලෙසත් ඔවුන්ගෙන් ලංවිමට අයවිය යුතු සියලුම ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් තමන් ලංවිම කළමනාකාරිත්වය වෙත උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

ලංවිම සේවකයන් 5000ක් එකවර ඉල්ලා අස්වීමට සූදානම් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ පුවත සම්බන්ධයෙන් සිය x ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එසේම ලංවිම ප්‍රතිසංස්කරණ කඩිනම් කරන කිරීමට, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජනන සැලැස්ම අනුව හඳුනාගත් විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීම, මාර්ගත ගෙවීමේ කටයුතු පුළුල් කිරීම, ලැබිය යුතු ආදායම් එකතු කර ගැනීම, හා ලංවිම සේවා කටයුතු සඳහා බාධා කරන පුද්ගලයන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි.