උද්ධමනය තවදුරටත් ඉහළ යාහැකියි – මහ බැංකුව

උද්ධමනය තවදුරටත් ඉහළ යාහැකියි – මහ බැංකුව

උද්ධමනය තවදුරටත් ඉහළ යාහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අද (23) මහ බැංකු පරිශ්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටියේය.

රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු(වැට්) පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව ආචාර්ය වීරසිංහ එහිදී පෙන්වා දුනේය.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

“ඉදිරියේ දී අපේ උද්ධමන ඉලක්කය 5%ක්. එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙළෙඳ පොළ පොලිය අනුපාත වලට යම්කිසි ආකාරයකට හැඩ ගැසෙන්න අවස්ථාව දීලා තියෙනවා.