ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමේ කටයුතු වලට බාධා

ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමේ කටයුතු වලට බාධා

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලට මැදි ව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රි ලංකා තානාපතිවරයාට පවතින වාතාවරණය හමුවේ එම සංචාරය නතර කිරීමට සිදු ව තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව සිය සංචාරය නතර කර යළි පැමිණිමට සිදු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔවුන් පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (11) දිනයේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඇතුළු නියෝජිතයන් බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

කෙසේ වෙතත් එම ප්‍රදේශයට යළිත් ප්‍රාහාර එල්ල වීම හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දීමක් සිදු කළ බව තානාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බව නිමල් බණ්ඩාර මහතා පවසයි

Share This