ඉදිරි දින කිහිපයේ ඇතිවිය හැකි තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි දින කිහිපයේ ඇතිවිය හැකි තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ඇතිවිය හැකි තරමක තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (14) පෙරවරු 8 සිට 15 වනදා පෙරවරු 8 දක්වා වලංගු වන ආකාරයෙන්.

ඒ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් මෙන්ම නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් සඳහායි.

එහි දැක්වෙන්නේ තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසි සහිත කාලගුණික තත්ත්වයේ වැඩිවීමක් හෙට (14) සිටි ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ