පේමන්ට් එකේ බයික් පැද්දොත් වෙන දේ

පේමන්ට් එකේ බයික් පැද්දොත් වෙන දේ

මහා මාර්ගයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාවට රජය විසින් විශාල මුදලක් වැය කරමින් රට පුරා ඇති මාර්ග දෙපස පදික වේදිකා ඉදිකර ඇත්තේ ජනතාවගේ ජීවිත සුරැකීම අරමුණු කර ගනීමිනි.

පදික ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිකර ඇති පදික වේදිකාවන් හී නිරන්තරයෙන් මෝටර් සයිකල් ධාවනය වීම සුලභ දසුනකි.

රටේ ප්‍රධාන පරිපාලන නගරය වන කොළඹ නගරයේ නිතරම රථ වාහන තදබදයක් වූ සැනින් මෝටර් සයිකල් රියදුරන් තමන්ට රිසි සේ පදික වේදිකා හී යතුරු පැදි ධාවනය කරයි.

කෙසේ වුවත් මෙහි නීතිමය තත්ත්වය පිළිබඳව කොළඹ රථ වාහන කොට්ඨාශය සඳහන් කර සිටියේ පදික වේදිකාවේ ධාවනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් , පොලිස් නිළධාරින්ට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් ය.

එසේම අධිකරණයට ඉදිරිපත් කළ හැකි මට්ටමේ වරදක් බවත් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.

Share This