ඉන්ධන පෝලිම් වලට හේතුව හෙළිවෙයි

ඉන්ධන පෝලිම් වලට හේතුව හෙළිවෙයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින ඉන්ධන පිරවුම් හල් 255ක් පසුගිය සතියේ නියමිත පරිදි තෙල් තොග පවත්වාගෙන ගොස් නැතැයි අනාවරණය වී ඇති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය සතිය පුරා ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වූයේ ඒ හේතුවෙන් බව අනාවරණය වෙයි.

ඒ අනුව, ඉන්ධන පිරවුම් හල් පවත්වාගෙන යාමේ ගිවිසුමට අදාල කොන්දේසි කඩ කිරීම සම්බන්ධව එම ඉන්ධන පිරවුම් හල් නියෝජිතයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසයි.

Share This