ප්‍රේම සම්බන්ධතාවයක් මත තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් මත තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් ඇතිවූ ආරවුලක් මත ඊයේ (25) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

මරණකරු වෙසක් සිරි නැරඹීම සඳහා තම හිතවතුන් කිහිපදෙනෙකු සමග ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 හා 18 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.