සැකකරුවකු සිර මැදිරියක් තුල ගෙල වැල ලා ගෙන මරුට

සැකකරුවකු සිර මැදිරියක් තුල ගෙල වැල ලා ගෙන මරුට

ලිංගික අපයෝජන චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආදාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචි 54 හැවිරිදි දෙදරු පියෙකි.

හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක විසින් සිදුකළ සිදු කළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි.

අදාළ තරුණියට පැවති අසනීප තත්ත්වයක් සුවපත් කිරීමට යාගහෝම මඟින් ප්‍රතිකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇයව සැකකරු ඉකුත් අගෝස්තු 01 වනදා සිය නිවසට කැඳවාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එලෙස නිවසට කැඳවාගෙන ගොස් ඇති තරුණියව සැකකරු විසින් අපයෝජනය කළ බවටයි ඇය පැමිණිලි කර ඇත්තේ.

අපයෝජනයට ලක් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Share This