නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහළට

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇත.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත්වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය විය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.