web hit counter
කුරුඳුවත්ත රිය අනතුරින් තුවාල ලැබූ කොස්තාපල් මිය යයි

කුරුඳුවත්ත රිය අනතුරින් තුවාල ලැබූ කොස්තාපල් මිය යයි

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයා අද (06) අලුයම මියගිය බව රෝහල් පොලීසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ, කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් මනෝජ් ප්‍රියංකර (19498) මහතාය. ඔහු 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාරක අනතුර සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන 28 හැවිරිදි තරුණයකු කුරුඳුවත්ත පොලිසිය විසින් එම අනතුර සිදුවූ අවස්ථාවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකුගේ පුතකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අනතුර සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )