කුලියාපිටියේ බස් රථ අනතුරකින් සිසුන් 15 ක් රෝහලට

කුලියාපිටියේ බස් රථ අනතුරකින් සිසුන් 15 ක් රෝහලට

කුලියාපිටිය කරන්තිප්පලදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුන් 15 දෙනකු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මොහොත්තවගොඩ ප්‍රදේශයේ සිට පාසල් සිසුන් පිරිසක් රැගත් පාසල් සේවා බස්රථයක පිටුපස හෙට්ටිපොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් පසු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබේ.

 

Share This