සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බව පැවසූ ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 0115226100 හෝ 0115226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බව ද සඳහන් කළේය.

Share This