අද රාජ්‍ය බැංකු විවෘතයි

අද රාජ්‍ය බැංකු විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් අද (30) දිනයේත් රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර එහි පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇත.

පෙරේදා (28) අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කරනු ලැබීය.